වාර්ෂික දායකත්වය

YEARLY DONOR 2017-07-04T17:11:06+00:00

නමෝ බුද්ධාය!

මේ ලෝකයේ උපස්ථාන කිරීම් අතුරින් ශ්‍රේෂ්ඨ වන්නේ සම්මා සම්බුදු රජාණන් වහන්සේට හෝ බුදු රජාණන් වහන්ස්ගේ ශ්‍රාවකයෙකුට සිදු කරන උපස්ථානයයි. ඒ බව අපගේ බුදු රජානන් වහන්සේ අංගුත්තර නිකායේ සඳහන් අනුත්තරීය සුත්‍ර දේශනයේ දී මෙසේ දේශනා කොට වදාළා.

“පින්වත් මහණෙනි, යම් කෙනෙක් පිහිටි ශ්‍රද්ධාවෙන් යුතුව, පිහිටි ප්‍රේමයෙන් යුතුව, නොසෙල්වෙන පැහැදීමෙන් යුතුව, බලවත් පැහැදීමෙන් යුතුව, තථාගතයන් වහන්සේට හෝ තථාගත ශ්‍රාවකයෙකුට උපස්ථාන කරයි ද, එය උපස්ථානයන් අතර ශ්‍රේෂ්ඨ වූ දෙයකි. සත්වයන්ගේ විශුද්ධිය පිණිසත්, ශෝක වැළපීම් ඉක්මවා යාම පිණිසත්, දුක් දොම්නස් නැති වීම පිණිසත්, ධර්ම මාර්ගයට පැමිණීම පිණිසත්, නිවන සාක්ෂාත් කිරීම පිණිසත් හේතු වෙයි. මහණෙනි, යම් මේ පිහිටි ශ්‍රද්ධාවෙන් යුතුව, පිහිටි ප්‍රේමයෙන් යුතුව, නොසෙල්වෙන පැහැදීමෙන් යුතුව, බලවත් පැහැදීමෙන් යුතුව, තථාගතයන් වහන්සේට හෝ තථාගත ශ්‍රාවකයෙකුට උපස්ථාන කරයි ද, එය උපස්ථානයන් අතර ශ්‍රේෂ්ඨ වූ දෙයකි. මෙය උපස්ථානයන් අතර ශ්‍රේෂ්ඨම දෙය යැයි කියනු ලැබේ.”

භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ. (අනුත්තරීය සුත්‍රය – අ.නි. 04)

ගෞතම බුදු රජාණන් වහන්සේගේ උතුම් ශී‍්‍ර සද්ධර්මයෙන් පිහිට සළසාලීමේ අරමුණින් 2008 වසරේ දී සිඩ්නි මහමෙව්නා භාවනා අසපුව ආරම්භ කරන ලදී.මේ වන විට එමඟින් මාසික සීල භාවනා වැඩසටහන්, ළමා වැඩසටහන්, යොවුන් වැඩසටහන්, මාසිකව සිදු කරන දුර පළාත්වල වැඩසටහන්, වෙසක් වැඩසටහන් මාලාවන්, වස්සාන වැඩසටහන් මාලාවන්, අසපුවේ සිදු කරන ධර්ම දේශනා සහ භාවනා වැඩසටහන්, නිවෙස් වල සිදු කරන ධර්ම දේශනා සහ සෙත් පිරිත් සජ්ඣායනා කිරීම ආදී නොයෙක් ආකාරයේ ශාසනික මෙහෙවරක් සිදු කරනු ලබයි.
මෙසේ බොහෝ දෙනාට සෙත සුව සළසමින් මෙම භාවනා අසපුව පවත්වාගෙන යනු ලබන්නේ සැදැහැවත් ඔබගේ දායකත්වයෙනි. එසේ ඔබ පිරිනමනු ලබන මුදල් පරිත්‍යාගයන් අප අසපුවේ මාසික ණය වාරික පිය වීමටත්,සංඝෝපස්ථාන සඳහාත්,දුරකථන සහ ජල විදුලි බිල් සඳහාත්,ස්වාමින් වහන්සේලාගේ වීසා සහ ගුවන් ගමන් ටිකට් පත් ආදිය සඳහාත්, අසපුව තුළ සිදු වන සංවර්ධන ක්‍රියාවන් ආදිය සඳහා යොදා ගනු ලබයි.
උතුම් ශාසනික කටයුතු තව දුරටත් සාර්ථකව ඉදිරියට පවත්වාගෙන යාම පිණිසත්,අසපුවේ ඉදිරි පැවැත්ම පිණිසත් ඔබට ආධාර කිරීමට වාර්ෂික දායකත්වය නම් වූ ක්‍රමයක් සකස් කර ඇත.එමඟින් ඔබටත් ඒ මහත් වූ පුණ්‍ය ගංඟාවෙහි කොටස් ක‍රුවන් බවට පත්විය හැක්කේය.
වාර්ෂික දායකත්වයට සම්බන්ධ විය හැකි ආකාර,

තමන් ලබා ගන්නා දායකත්වය වෙනුවෙන් වර්ෂයේ කැමති දිනයන් වෙන් කර ගත හැක.
එම දිනයට අදාළ විශේෂ පුණ්‍යානුමෝදනාවක් ඔබ වෙත එවනු ලබන අතර ඔබගේ එම දායකත්ව දිනයේදී අසපුවේ පැවැත්වෙන බුද්ධ වන්දනාවේදී ද පුණ්‍යානුමෝදනා කරනු ලබයි.

එහිදි,
එක් වාර්ෂික දායකත්වයක් $ 300 (මාසිකව ගෙවන්නේ නම් $25 බැඟින් )
වාර්ෂික දායකත්ව දෙකක් $ 600 (මාසිකව ගෙවන්නේ නම් $50 බැඟින් )
වාර්ෂික දායකත්ව තුනක් $ 900 (මාසිකව ගෙවන්නේ නම් $75 බැඟින් )
වාර්ෂික දායකත්ව හතරක් $ 1200 (මාසිකව ගෙවන්නේ නම් $100 බැඟින් )

Account Name : Mahamevna Bhavana Monastery & Meditation centre of Sydney
Bank             : Westpac
Branch          : Eastwood
BSB               : 032080
Account No : 503412

මීට අමතරව Cheque මඟින් හෝ Paypal මඟින් ගෙවීම් සිදු කළ හැක.

රැස් වන සියළු පුණ්‍යානුභාව බලයෙන් සියළු දෙනාට ම නිදුක් නීරෝගී සුවපත් භාවය ලැබේවා, දීර්ඝායුෂ ලැබේවා.උතුම් ධර්මාවබෝධය පිණිස ම සියළු පින් උපකාර වේවා.

Become a Yearly Donor Member